Other Contraband-si
නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝග්රෑම් 1307කට අධික තොගයක් නීතියේ රැහැනට
 
           ශ්රී ලංකා නාවික හමුදාව, සුරබදු දෙපාර්තමේන්තුව හා එක්ව පුත්තලම සහ කල්පිටිය වෙරළ හා මුහුදු ප්රදේශ ආශ්රිතව 2025 ජුනි 30 සිට ජුලි 10 දක්වා කාලය තුළ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොල කිලෝ ග්රෑම් 1307ක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්රා දෙකක් (02) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
14 Jul 2025
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්රෑම් 1330කට අධික තොගයක් නාවික හමුදා භාරයට
 
           ශ්රී ලංකා නාවික හමුදාව, පුත්තලම අකකරයනතිව් ප්රදේශය ආශ්රිතව 2025 ජුලි මස 12 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝ එක්දහස් තුන්සිය තිහයි (1330)ග්රෑම් තුන්සීයයක් (300) අධික තොගයක් හමුදා සෝදිසි මෙහෙයුමක් මඟින් සොගා ගන්න ලදි.
14 Jul 2025


