Other Contraband-si

නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ රත්‍රං කිලෝ 4 යි ග්‍රෑම් 454 ක පමණ තොගයක් සහ සැකකරුවන් 02ක් කල්පිටිය කලපුවේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 ඔක්තෝබර් මස 01 වැනි දින උදෑසන කල්පිටිය කලපුවේ අරිච්චල් මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධි ලෙස රත්‍රං කිලෝ හතරයි (04) ග්‍රෑම් හාරසිය පනස් හතරක (454) පමණ තොගයක් සූක්‍ෂම ලෙස සඟවා ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

01 Oct 2025

විදේශීය දුම්වැටි 1618 ක් සමඟ සැකකරුවෙක් කොළඹ වේල්ලවීදියේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2025 සැප්තැම්බර් මස 30 වැනි දින කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, එම ප්‍රදේශයේ වෙළඳසැලක අලෙවි කිරීම සඳහා සුදානම් කර තිබු විදේශීය දුම්වැටි එක්දහස් හයසිය දහඅටක (1618) තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට අසුකර ගැනීමට කටයුතු කෙරිණි.

01 Oct 2025