Other Contraband-si

නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කල ඖෂධ පෙති 56,870 ක තොගයක් සමඟ සැකකරුවෙක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, කීරි වෙරළ ප්‍රදේශයේ 2025 ඔක්තෝබර් මස 06 වැනි දින අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කල ඖෂධ පෙති පනස් හයදහස් අටසිය හැත්තැවක (56,870) තොගයක් සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය හා කුළුබඩු තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවෙක් (01) නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු කෙරිණි.

06 Oct 2025