Other Contraband-si

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද කුළුබඩු, රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ තොගයක් සමඟ සැකකරුවන් 04ක් ඩෙවිල්ස් තුඩුව වෙරළ ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කිලිනොච්චිය, ඩෙවිල්ස් තුඩුව වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීතී විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ප්‍රවාහනය සඳහා සූදානම් කර තිබූ කුළුබඩු, රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ තොගයක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු (04) සහ කැබ්රථ දෙකක් (02) 2025 ජුලි මස 11වැනි දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

12 Jul 2025

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 485කට අධික තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෙයිමන්නාරම ඕල්ඩ් පියර් වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව 2025 ජුනි මස 29 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් හාරසිය අසූපහකට (485) අධික තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

07 Jul 2025

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ කෘමිනාශක ද්‍රව්‍ය හා බීජ තොගයක් පුත්තලම සහ කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පසුගිය දෙසතිය තුල (2025 ජුනි 20 සිට ජුනි 30 දක්වා) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ කෘමිනාශක ද්‍රව්‍ය හා බීජ තොගයක් සමඟ ලොරි රථයක් (01), සහ නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කල කෘමිනාශක ද්‍රව්‍ය තොගයක් රැගත් ඩිංගි යාත්‍රා දෙකක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

07 Jul 2025

අනුමත සීමාව ඉක්මවා නීති විරෝධී ලෙස වියළි මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් 02 ක් කල්පිටිය කල්ලඩි මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය, කල්ලඩි මුහුදු ප්‍රදේශයේ 2025 ජුලි මස 05 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් බලපත්‍රයේ සඳහන් සීමාව ඉක්මවා (කිලෝ ග්‍රෑම් 250) නීති විරෝධී ලෙස වියළි මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) සමඟ වියළි මුහුදු කූඩැල්ලන් කිලෝ ග්‍රෑම් හයසිය හැත්තෑතුනක (673) පමණ තොගයක් සහ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

06 Jul 2025

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල වියළි ඉඟුරු කිලෝ ග්‍රෑම් 91ක් සහ පාවහන් තොගයක් කල්පිටිය මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය බත්තලන්ගුංඩුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කර, නාවික හමුදා මෙහෙයුම් හමුවේ ජාවාරම් කරුවන් විසින් මුහුදේ අතහැර දමා යන ලද, වියළි ඉඟුරු කිලෝ ග්‍රෑම් අනූ එකක් (91) (තෙත බර සහිත) සහ පාවහන් යුගල් දෙසීය තිස්අටක (238) තොගයක්, 2025 ජුලි මස 03 වැනි දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

04 Jul 2025

Navy nabs 03 suspects with 979kg of smuggled ginger in Kalpitiya

A search operation conducted by the Navy in the Eththalai Lagoon area of Kalpitiya on 01 Jul 25 led to the interception of 03 dinghies for smuggling 979kg consignment of dried ginger. The search also resulted in the apprehension of 03 suspects in connection to the illegal act.

02 Jul 2025