Other Contraband-si
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1197ක් ඇතුළු භාණ්ඩ තොගයක් සමඟ සැකකරුවෙකු සිලාවතුරේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 සැප්තැම්බර් මස 18 වැනි දින සිලාවතුර, පන්ඩරවේලි වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බීඩි කොළ කිලෝ ග්‍රෑම් එක්දහස් එකසිය අනුහතක (1197) පමණ තොගයක්, සබන් කැට එක්දහස් හත්සිය හැටපහක් (1765) සහ ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවෙකු (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
21 Sep 2025
නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝ 1680ක් සමඟ සැකකරුවන් 02ක් හලාවත මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, හලාවතට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී 2025 සැප්තැම්බර් මස 12වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් එක්දහස් හයසිය අසූවක (1680) පමණ තොගයක් (තෙත බර සහිත) රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
16 Sep 2025
විදේශීය මත් පැන් බෝතල් 180ක් සමඟ සැකකරුවෙකු මොදරදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව 2025 සැප්තැම්බර් මස 13 වැනි දින මෝදර ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස අලෙවිකිරීමට සූදානම් කල විදේශීය මත්පැන් බෝතල් එක්සිය අසූවක් (180) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
14 Sep 2025
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ පක්‍ෂීන් 91ක් සමඟ සැකකරුවන් 02ක් මන්නාරමේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 සැප්තැම්බර් මස 10 වැනි දින මන්නාරම පේසාලේ සිරිතෝප්පු වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස විදේශයකින් මෙරටට රැගෙන ආ පක්‍ෂීන් අනූ එකක් (91) රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
11 Sep 2025
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 833කට අධික තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව කලපු ප්‍රදේශය ආශ්‍රිතව 2025 අගෝස්තු මස 08 සහ 15 දෙදින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් අටසිය තිස් තුනකට (833) අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්‍රා දෙකක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
21 Aug 2025
නාවික හමුදා සුපරීක්‍ෂාව හේතුවෙන් නීති විරෝධී ලෙස රැගෙන ආ කෘෂි රසායන ද්‍රව්‍ය තොගයක් නීතියේ රැහැනට
විශ්වසනීය තොරතුරු හුවමාරුව සහ ශක්තිමත් නාවික ආරක්‍ෂක විදිවිධාන හේතුවෙන්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ කෘෂී රසායනික ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් (01) සමඟ සැකකරුවෙකු (01) පුත්තලම ඒත්තාලෙයි ප්‍රදේශයේදී 2025 අගෝස්තු මස 19 වැනි දින රාත්‍රීයේ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
20 Aug 2025
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බීඩි කොළ කිලෝ 1180 සහ විදේශීය දුම්වැටි 20000ක් සමඟ සැකකරුවන් 02ක් කල්පිටියේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 අගෝස්තු මස 12 වැනි දින රාත්‍රී කාලයේ කල්පිටිය සේරක්කුලිය කලපුව ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බීඩි කොළ කිලෝ ග්‍රෑම් එක්දහස් එක්සිය අසුවක (1180) පමණ තොගයක් සහ විදේශීය දුම්වැටි විසි දහසක් (20000) රැගත් ඩිංගි යාත්‍රා දෙකක් (02) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
13 Aug 2025
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 1590කට අධික තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව, පුත්තලම සහ මොහොත්තුවාරම් කලපු හා මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව 2025 අගෝස්තු 01 සිට 10 දින දක්වා කාලය තුළ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් එක්දහස් පන්සිය අනූවකට (1590) අධික තොගයක් සමඟ සැකකරුවෙකු (01) සහ ඩිංගි යාත්‍රා දෙකක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
12 Aug 2025
රුපියල් මිලියන 20කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කංසා තොගයක් සිලාවතුර අරිප්පු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, සිලාවතුර අරිප්පු ප්‍රදේශයේ, 2025 ජුලි මස 29 වැනි දින අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, රුපියල් මිලියන 20කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කංසා කිලෝ එකසිය එකයි (101) ග්‍රෑම් හයසියයක (600) පමණ තොගයක් (තෙත බර සහිතව) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
31 Jul 2025
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1285කට අධික තොගයක් සහ වියළි ඉඟුරු කිලෝ ග්‍රෑම් 604කට අධික තොගයක් මීගමුවේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව කුට්ටිදූව සහ කුඩාපාඩුව වෙරළ ප්‍රදේශයන්හී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ, බීඩි කොළ කිලෝ ග්‍රෑම් එක්දහස් දෙසිය අසූපහකට (1285) අධික තොගයක් රැගත් ඩිංගි යාත්‍රා දෙකක් (02), වියළි ඉඟුරු කිලෝ ග්‍රෑම් හයසිය හතරකට (604) අධික තොගයක් සහ ඖෂධ බහලුම් පෙට්ටියක් (01), 2025 ජුලි මස 29 වැනි දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
30 Jul 2025


