Search & Rescue-si
දකුණු මුහුදේදී අසාධ්‍ය වූ ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය
ශ්‍රී ලංකාවට දකුණ දෙසින්, ගැඹුරු මුහුදේදී හදිසි අනතුරක් හේතුවෙන් අසාධ්‍ය වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා ගාල්ල, කරාපිටිය ශික්‍ෂණ රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් අද (2026 ජනවාරි 21) උදෑසන කටයුතු කෙරිණි.
21 Jan 2026
කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් දකුණු මුහුදේදී අසාධ්‍ය වූ ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය
ශ්‍රී ලංකාවට දකුණ දෙසින්, ගැඹුරු මුහුදේදී අසාධ්‍ය වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් නාවික හමුදා යාත්‍රාවක් මඟින් කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා ගාල්ල, කරාපිටිය ශික්‍ෂණ රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් අද (2026 ජනවාරි 19) උදෑසන කටයුතු කෙරිණි.
19 Jan 2026
නුවරඑළිය ග්‍රෙගරි වැවේදී අනතුරටපත් ගුවන් යානයේ නියමුවන් දෙදෙනා ජීවිතාරක්‍ෂක කණ්ඩායම් මඟින් නිරුපද්‍රිතව මුදා ගනියි
නුවරඑළිය ග්‍රෙගරි වැව මතට ගොඩබෑමේදී පෞද්ගලික ගුවන් සමාගමකට අයත් C 208 වර්ගයේ ගුවන් යානයක් (Sea Plane) අද දින (2026 ජනවාරි 07) අනතුරට ලක්වූ අතර, ග්‍රෙගරි වැව පරිශ්‍රයේ රාජකාරී නියුතු නාවික හමුදා ජීවිතාරක්‍ෂක කණ්ඩායමක් පොලිස් ජීවිතාරක්‍ෂක කණ්ඩායමක් හා එක්ව ක්‍ෂණිකව ක්‍රියාත්මක කල මුදා ගැනීමේ මෙහෙයුමක් මඟින්, එම ගුවන් යානයේ සිටි නියමුවන් දෙදෙනා (02) නිරුපද්‍රිතව මුදා ගැනීමෙන් පසු, වැඩිදුර ප්‍රථිකාර සඳහා නුවරඑළිය දිස්ත්‍රික් රෝහල වෙත යොමු කිරීමට කටයුතු කෙරිණි.
08 Jan 2026
ආපදාවට පත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් 02 ක් නාවික හමුදාව නිරුපද්‍රිතව මුදාගනියි
අයහපත් කාළගුණික තත්වය හමුවේ ත්‍රීකුණාමලය ප්‍රදේශයේ පැවති අධික සුළං හේතුවෙන්, ත්‍රීකුණාමලය ඇතුල් වරාය මුහුදු ප්‍රදේශයේ දී ආපදාවට පත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් දෙදෙනෙක් (02) ශ්‍රී ලංකා නාවික හමුදාව 2025 දෙසැම්බර් මස 15 වැනි දින සිදුකල විශේෂ මුදා ගැනීමේ මෙහෙයුමක් මඟින් නිරුපද්‍රිතව මුදාගැනීමට කටයුතු කෙරිණි.
19 Dec 2025
කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් වු මුහුදේදී රෝගීව අසාධ්‍ය තත්වයේ සිටි ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය
නැගෙනහිර මුහුදේ, ත්‍රිකුණාමලය සිට නාවික සැතපුම් 16 ක් (කිමි 29ක් පමණ) දුරින් වු මුහුදේදී රෝගීව අසාධ්‍ය තත්වයට පත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය මහ රෝහල වෙත යොමු කිරිමට නාවික හමුදාව විසින් 2025 දෙසැම්බර් මස 10 දින රාත්‍රීයේදී කටයුතු කෙරිණි.
12 Dec 2025
ගංවතුරෙන් ආපදාවට පත් ජනතාව වෙනුවෙන් මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම් සඳහා නාවික හමුදාවේ අඛණ්ඩ සහය
අයහපත් කාලගුණික තත්වය හමුවේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන්, වෛද්‍ය සේවා, වියළි ආහාර, පානීය ජලය ලබාදීම මෙන්ම, ගංවතුරෙන් ආපදාවට පත් ජල සම්පාදන සේවා යථාතත්වයට පත්කිරීම ඇතුළු ජන ජීවිතය යථාතත්වයට පත් කිරීම වෙනුවෙන් සිදුකෙරෙණ මානුෂිය ආධාර සහ ආපදා සහන මෙහෙයුම් සඳහා ඊයේ දිනයේද (2025 දෙසැම්බර් 01) නාවික හමුදාවේ සහය ලබාදීම සිදුකෙරිණි.
02 Dec 2025
ගංවතුරෙන් ආපදාවට පත් අවිස්සාවේල්ල ප්‍රදේශයේ ජනතාව වෙත මානුෂීය ආධාර ලබාදෙම සඳහා නාවික හමුදා සහය
අයහපත් කාලගුණික තත්වය හමුවේ ගංවතුරෙන් පීඩාවට පත් අවිස්සාවේල්ල ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන්, අමිතිරිගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය මඟින් වෛද්‍ය සායනයක්, අවිස්සාවේල්ල ගුරුගල්ල කනිෂ්ඨ විද්‍යාලයේදී 2025 නොවැම්බර් මස 30 දින පැවැත්වුණු අතර, එම වෛද්‍ය සායනය වෙනුවෙන් සහ එම ප්‍රදේශයේ ගංවතුරෙන් ආපදාවට පත් ජනතාව වෙනුවෙන් මානුෂීය ආධාර ලබාදීම සඳහා එහිදී නාවික හමුදාවේ සහය ලබාදීම සිදුකෙරිණි.
01 Dec 2025
මන්නාරම ඉලුප්පුකඩවායි සහ සෙට්ටිකුලම ප්‍රදේශයේ ගංවතුරෙන් ආපදාවට පත් පුද්ගලයන් 157 ක් නාවික හමුදාව මුදාගනියි
අධික වර්ෂාපතනය හේතුවෙන් මන්නාරම ඉලුප්පුකඩවායි සහ සෙට්ටිකුලම් ප්‍රදේශයේ ඇති වී ඇති ගංවතුර තත්වය හමුවේ ආපදාවට පත් පුද්ගලයන් එකසිය පනස් හත් දෙනෙකු (157) නාවික හමුදා ආපදා සහන මෙහෙයුම් මඟින් මුදා ගැනීමෙන් පසු, ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කර අවශ්‍ය සහන සැලසීමට 2025 නොවැම්බර් මස 30 දින නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
01 Dec 2025
යාපනය අනලතිව් දුපතේ අසාද්‍යවූ දරුවෙකු හදිසි ප්‍රථිකාර සඳහා යාපනය දිස්ත්‍රීක් රෝහල වෙත ඇතුලත් කිරීමට නාවික හමුදා සහය
යාපනය අනලතිව් දුපතේ අසාද්‍යවූ දරුවෙකු වෙත හදිසි ප්‍රථිකාර ලබා දීම සඳහා නාවික හමුදා යාත්‍රාවක් මඟින්, යාපනය කයිට්ස් දුපතේ කරම්පන් ජැටිය වෙත රැගෙන ඒමට ඊයේ දින රාත්‍රීයේදී (2025 නොවැම්බර් 30) නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
01 Dec 2025
වව්නියාව සෙට්ටිකුලම් ප්‍රදේශයේ ගංවතුරෙන් ආපදාවට පත් මෝටර් රථයක් මුදා ගැනීමට නාවික හමුදා සහය
අධික වර්ෂාපතනය හේතුවෙන් වව්නියාව, සෙට්ටිකුලම් ප්‍රදේශයේ ඇතිවී ඇති ගංවතුර තත්වය හමුවේ, මැදවච්චිය මන්නාරම මාර්ගයේ සෙට්ටිකුලම් ප්‍රදේශයේදී ගංවතුරෙන් ආපදාවට පත් මෝටර් රථයක් සහ එහි සිටි පුද්ගලයන් මුදා ගැනීමට නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් ඊයේ දිනයේ (2025 නොවැම්බර් 30) කටයුතු කෙරිණි.
01 Dec 2025


