කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට ලද තොරතුරකට අනුව එහි සම්බන්ධීකරණයෙන්, ශ්‍රී ලංකා නාවික හමුදාව ක්ෂණිකව ක්‍රියාත්මක කරන ලද සෙවීමේ හා මුදා ගැනීමේ මෙහෙයුමක් මඟින්, ශ්‍රී ලංකාවට බටහිර දෙසින්වූ මුහුදේ දී ආපදාවට පත්ව ක්‍රියාවිරහිතව තිබූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් සිව්දෙනෙකු (04) නිරුපද්‍රිතව මුදා ගැනීමට 2025 ජුලි මස 06 වැනි දින කටයුතු කෙරිණි.