යාපනය ඩෙල්ෆ්ට් දූපතේ සිට කුරිකඩ්ඩුවාන් ජැටිය දක්වා දේශීය සංචාරකයන් පිරිසක් රැගත් PERL LINK නමැති මගී ප්‍රවාහන යාත්‍රාව, 2025 ජුලි මස 12වැනි දින ආපදාවට පත්ව මුහුදු බත් වූ අතර, එහිදී මුදාගත් එම යාත්‍රාවේ සිටි සංචාරකයන් දොළොස් දෙනා (12) සහ කාර්යමණ්ඩලයේ දෙදෙනා (02) නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව අවශ්‍ය සහාය ලබාදීමට කටයුතු කෙරිණි.