ශ්‍රී ලංකාවට දකුණු දෙසින්, ගාල්ලේ සිට නාවික සැතපුම් 183ක් (කිමී 338ක් පමණ) දුරින් වු ගැඹුරු මුහුදේදී පාදයක් ආබාදයකට ලක්ව අසාධ්‍ය තත්වයට පත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් අද (2025 සැප්තැම්බර් 18) අළුයම් කාලයේ කටයුතු කෙරිණි.