ශ්‍රි ලංකා නාවික හමුදාව සහ පකිස්ථානු නාවික හමුදාව අතර පස්වන වරට පැවති මාණ්ඩලික සාකච්ඡා වාරය සාර්ථකව අවසන් වෙයි

ශ්‍රි ලංකා නාවික හමුදාව සහ පකිස්ථානු නාවික හමුදාව අතර පස්වන වරට සංවිධානය කරන ලද මාණ්ඩලික සාකච්ඡා වාරය 2023 මැයි මස 24 වන දින නාවික හමුදා මූලස්ථානයේදී සාර්ථකව පැවැත්විණි.

27 May 2023

ගැඹුරු මුහුදේ ආපදාවට පත් චීන ධීවර යාත්‍රාව සෙවීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව දායක වෙයි

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ඕස්ට්‍රේලියානු සෙවීම් සහ මුදවා ගැනීම් කලාපයට අයත් ගැඹුරු මුහුදේදී 2023 මැයි මස 16 වන දින පෙරලීයාමෙන් ආපදාවට පත් ‘LU PENG YUAN YU 028’ නමැති චීන ධීවර යාත්‍රාව සෙවීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම සඳහා දායකවීමට නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත්, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව, නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් ද සමඟ ආපදාවට පත් චීන ධීවර යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත පිටත් කර හැරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

24 May 2023

රුපියල් මිලියන 2800 ක පමණ දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් සහ හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 121 ක පමණ තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් 06 ක් දකුණු මුහුදේදී නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගනියි

රාජ්‍ය බුද්ධි සේවාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකල ඒකාබද්ධ බුද්ධි මෙහෙයුමකින් ලද තොරතුරක් පදනම් කර ගනිමින්, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් දෙවුන්දර ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 413 ක් පමණ (කිලෝමීටර් 764 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, රුපියල් මිලියන 2310 ක පමණ දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 111 ග්‍රෑම් 606 ක පමණ තොගයක් (ඇසුරුම් බර සහිත) සහ හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ 10 ග්‍රෑම් 254 ක පමණ තොගයක් (ඇසුරුම් බර සහිත) රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙක් (06) 2023 මැයි මස 13 වන දින, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව මඟින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි. එම මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා අද දින (2023 මැයි 18) උදෑසන කොළඹ වරාය වෙත රැගෙන එන ලද අතර, එම මත්ද්‍රව්‍ය තොගය පරික්‍ෂා කිරීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගි විය.

19 May 2023

නාවික හෙද විදුහලේ හෙද පාඨමාලාව සම්පූර්ණ කළ 41 ක් හෙද ප්‍රතිඥාව ලබා දෙයි

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයට අනුබද්ධිත වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා තක්‍ෂිලා ආයතනයේ ස්ථාපිත නාවික හෙද විදුහලේ 2022 වර්ෂයේ බඳවා ගැනීමට අයත් නාවික හමුදා සහ ගුවන් හමුදා හෙද සිසුන් 41 දෙනෙකුගේ හිස් වැසුම් පැලඳීමේ හා හෙද ප්‍රතිඥාව ලබාදීමේ උත්සවය අද දින (2023 මැයි 15) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ගෞරවණීය ප්‍රධාන ආරාධිතයා ලෙස කොළඹ විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ පීඨාධිපති මහාවාර්ය එස්එස්පී වර්ණකුලසූරිය මහතා සහභාගී විය.

16 May 2023

නාවික හමුදාධිපති උතුරු මැද නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, 2023 මැයි මස 11 වන දින උතුරු මැද නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින්, එම විධානයේ මෙහෙයුම් කටයුතු, පුහුණු කටයුතු සහ සුභසාධන පහසුකම් නිරීක්ෂණය කල අතර, නාවික හමුදාවේ ඉදිරි අභිප්‍රායන්, මෙහෙයුම් සූදානම සහ කාලීන ආර්ථික අභියෝග කළමණාකරනය පිළිබඳව එහිදී, උතුරු මැද නාවික විධානයේ නිලධාරීන් හා නාවිකයන් දැනුවත් කිරීම සිදු කෙරිණි.

12 May 2023

IMDEX ASIA – 2023 සමුද්‍රීය හා ආරක්‍ෂක ප්‍රදර්ශනය සහ ජාත්‍යන්තර සමුද්‍රීය ආරක්‍ෂක සම්මන්ත්‍රණය සඳහා නාවික හමුදාධිපති සහභාගී වෙයි

සිංගප්පූරුවේ චැංගී ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ 2023 මැයි මස 03 සිට 05 දක්වා පැවති IMDEX ASIA – 2023 සමුද්‍රීය හා ආරක්‍ෂක ප්‍රදර්ශනය සහ ජාත්‍යන්තර සමුද්‍රීය ආරක්‍ෂක සම්මන්ත්‍රණය (International Maritime Security Conference – IMSC ) සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.

08 May 2023

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ බුද්ධ රශ්මි වෙසක් කළාපයේ පෙරහැර නාවික හමුදා දායකත්වයෙන් උත්කර්ශවත් අයුරින් පවත්වයි

2567 වන ශ්‍රී සම්බුද්ධ ජයන්තිය නිමිත්තෙන් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන බුද්ධ රශ්මී වෙසක් කලාපයේ 2023 මැයි මස 06 වන දින රාත්‍රි පෙරහැර, හුණුපිටිය ගංගාරම විහාරස්ථානයේ අනු නායක අතිපූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් සහ මඟ පෙන්වීම යටතේ, ශ්‍රී ලංකා නාවික හමුදා බෞද්ධ සංගමයේ මූලිකත්වයෙන් උත්කර්ශවත් ලෙස පැවැත්වීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු සංවිධානය කෙරිණි.

07 May 2023

ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැනක් දෙමින් 2567 වන ශ්‍රී සම්බුද්ධ ජයන්තිය නාවික හමුදාව සමරයි

2023 මැයි මස 05 වන දිනට යෙදුණු 2567 වන ශ්‍රී සම්බුද්ධ ජයන්තිය නිමිත්තෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් සහ මඟ පෙන්වීම යටතේ, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සෑම නාවික විධානයක්ම ආවරණය වන පරිදි බෞද්ධාගමික වැඩසටහන් මාලාවක් ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැනක් දෙමින් සංවිධානය කිරීමත්, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන බුද්ධ රශ්මී වෙසක් කලාපය සහ රාජ්‍ය වෙසක් මහෝත්සවය සඳහා දායකත්වය ලබාදීමත් බැති සිතින් සිදුකෙරිණි.

06 May 2023

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී ශ්‍රී ලංකා නාවික හමුදාධිපති හමුවෙයි

සිව්දින නිල සංචාරයක් සඳහා 2023 මැයි මස 01 වන දින දිවයිනට පැමිණි ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී, එයාර් චීෆ් මාර්ෂල් විවේක් රාම් චෞධාරි අද දින (2023 මැයි 02) නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු විය.

02 May 2023