නාවික මහ රෝහල වෙතින් ප්‍රතිකාර ලබා ගන්නා ලද පුද්ගලයින් වෙනුවෙන් මාසික ඖෂධ ආසන්නතම රජයේ රෝහල් වෙතින් ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා ඇත.
කොවිඩ් -19 වංසගත තත්වය මත කොළඹ, නාවික මහ රෝහල මේ වන විට කොවිඩ් 19 ආසාධිතයින් සඳහා ප්‍රතිකාර කටයුතු සිදු කරන රෝහලක් බවට පරිවර්ථනය කිරීම හේතුවෙන් එම රෝහල වෙතින් මාසික සායන වලින් ප්‍රතිකාර ගන්නා ලද විශ්‍රාමික නාවික පුද්ගලයින්, නාවික පුද්ගලයින්ගේ පවුල් වල සාමාජිකයින් සහ නාවික සිවිල් සේවක මහත්ම මහත්මීන් පත්වන අපහසුතාවය සැළකිල්ලට ගෙන එම මාසික ඖෂධ ආසන්නතම රජයේ රෝහල මගින් ලබා ගැනීමට හැකි වැඩ පිළිවෙලක් නාවික හමුදාව විසින් සකස් කරන ලදි.
12 May 2020



