‘සමුදුර’ නෞකාව වෙතින් ආපදාවට පත් ධීවර යාත්‍රාවන් වෙත තවදුරටත් අවශ්‍ය ඉන්ධන ලබා දෙයි

‘අම්ෆන්’ සුලි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට ගසා ගෙන ගිය මෙරට බහුදින ධීවර යාත්‍රාවන් ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාවේ සහයෙන් මේ වන විට ගොඩබිම වෙත ළගාවෙමින් පවතින අතර, එම යාත්‍රා සඳහා අවශ්‍ය ආහාර, ජලය, වෛද්‍යාධාර සහ ඉන්ධන ලබා දීම තවදුරටත් සමුදුර නෞකාව මගින් සිදු කරමින් සිටී.

25 May 2020