මහ රෝහල වෙතින් සායනික ප්‍රතිකාර ලබාගන්නා රෝගීන් සඳහා මාසිකව ඖෂධ නිවෙස් වෙත බෙදා දීමේ නව ක්‍රමවේදයක්

වැලිසර නාවික හමුදා මහ රෝහල වෙතින් සායනික ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් සඳහා 2020 අගෝස්තු 17 වන දින සිට ඔවුන්ගේ නිවෙස් වෙතටම අවශ්‍ය ‍ඖෂධ ලබා දීමේ වැඩපිළිවෙලක් නාවික හමුදාව විසින් ක්‍රියාවට නංවා ඇත.

16 Aug 2020

නාවික හමුදා තාක්‍ෂණික හා ශ්‍රම දායකත්වයෙන් ඉදි කරන ලද ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව සංඝ සභා කාර්යාලය විවෘත කෙරේ

නාවික හමුදා තාක්‍ෂණික හා ශ්‍රම දායකත්වයෙන් කොළඹ වැල්ලවත්තේ ඉදිරි කරන ලද ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සංඝ සභා කාර්යාල ‍ගොඩනැගිල්ල අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් 2020 අගෝස්තු 15 වන දින විවෘත කරන ලද අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.

16 Aug 2020