මාධ්‍ය නිවේදනය


අයහපත් කාලගුණයෙන් “New Diamond” නෞකාවේ නැවත වර්ධනය වූ ගින්න පාලනය කිරීම සඳහා ඒකාබද්ධ ආපදා කළමණාකරන කණ්ඩායම් අඛණ්ඩ මෙහෙයුමක

අයහපත් කාලගුණය මත නැවතත් වර්ධනය වූ MT New Diamond බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න මේ වන විට සාර්ථක මට්ටමකට පාලනය කිරීමට ආපදා කළමණාකරන කණ්ඩායම් සමත් වී ඇති අතර, දහන අපෝෂක රසායනික ද්‍රව්‍ය සහ ජලය යොදා ගනිමින් තවදුරටත් අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක වේ.

08 Sep 2020

මාධ්‍ය නිවේදනය


2020 සැප්තැම්බර් 07 වන දින 1800 පැයට “New Diamond බොරතෙල් නෞකාවේ ඇති වී තිබූ ගින්න සම්පූර්ණයෙන් පාලනය කෙරේ” යන ශීර්ෂය යටතේ නිකුත් කල මාධ්‍ය නිවේදනය හා සබැ‍ඳේ

අයහපත් කාලගුණය මත නැවතත් වර්ධනය වූ MT New Diamond බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ඉන්දීය නාවික හමුදාව, ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් පාර්ශවකරුවන්ට අයත් නෞකා, ගුවන් යානා සහ ටග් යාත්‍රා තවදුරටත් ආපදා කළමණාකරන මෙහෙයුමේ අඛණ්ඩව නිරතව සිටී. ඒ අනුව එම ගින්නේ තත්වය යම් මට්ටමකට පාලනය කිරීමට මේ වන විට හැකි වී ඇත.

08 Sep 2020