සාර්ථකව පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් 64 ක් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී අධිකාරියට පත් කෙරේ
ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 36 සහ 37 වන බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරීන් 22 ක් සහ ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව ලැබූ 62 සහ 63 වන බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරීන් 42 ක් විසිර යාම හා අධිකාරියට පත් කිරීම 2022 දෙසැම්බර් මස 15 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ආරාධනයෙන්, ඉන්දීය නාවික හමුදා ප්‍රධානී, අද්මිරාල් ආර් හරි කුමාර් ගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී, පැවැත්විණි.
17 Dec 2022