නාවික හෙද විදුහලේ හෙද පාඨමාලාව සම්පූර්ණ කළ 41 ක් හෙද ප්‍රතිඥාව ලබා දෙයි
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයට අනුබද්ධිත වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා තක්‍ෂිලා ආයතනයේ ස්ථාපිත නාවික හෙද විදුහලේ 2022 වර්ෂයේ බඳවා ගැනීමට අයත් නාවික හමුදා සහ ගුවන් හමුදා හෙද සිසුන් 41 දෙනෙකුගේ හිස් වැසුම් පැලඳීමේ හා හෙද ප්‍රතිඥාව ලබාදීමේ උත්සවය අද දින (2023 මැයි 15) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ගෞරවණීය ප්‍රධාන ආරාධිතයා ලෙස කොළඹ විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ පීඨාධිපති මහාවාර්ය එස්එස්පී වර්ණකුලසූරිය මහතා සහභාගී විය.
16 May 2023



