පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුලි 20 වන දින කිලිනොච්චිය, පාලවිය ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට ගන්නා ලදි.

පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලීම තුලින් ශ්‍රී ලංකාව වටා ඇති සාගර කලාපයේ මත්ස්‍ය සම්පත මෙන්ම සුන්දර කොරල්පර පද්ධතිය ඇතුළු සාගර සම්පත දැඩි ලෙස විනාශවීමේ තර්ජනයට ලක් වන අතර, එය මැඩපැවැත්වීම වෙනුවෙන් නාවික හමුදාව අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, උතුරුමැද නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් කිලිනොච්චිය, පාලවිය ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් 2020 ජුලි 20 වන දින මෙහෙයුමක් සිදු කරන ලදි. එහිදී සැක කටයුතු ධීවර වාඩියක් පරීක්‍ෂා කිරීමේදී එහි සඟවා තිබූ විදුලි නොවන ඩෙටනේටර් 05ක් සහ අඟල් 08ක් පමණ දිග ඩෙටනේටර් කෝඩ් 02ක් සමඟ සැකකරුවන් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට ගන්නා ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද සැකකරුවන් වයස අවුරුදු 31, 50 සහ 57 වන වියෙහි පසුවන යාපනය වෙලනි සහ වලෙයිපාඩු විරවිල් ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට තහවුරු කරගත් අතර, අදාල සැකකරුවන් සහ සොයා ගන්නා ලද පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ ඉදිරි විමර්ෂන කටයුතු සඳහා ජේපුරම් පොලීසිය වෙත භාර දෙන ලදි.