නාවික හමුදා දායකත්වයෙන් ගාල්ල ප්‍රදේශයේ, වක්වැල්ල සහ දොඩම්ගොඩ පාලම් තුල සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කෙරේ

ගාල්ල ප්‍රදේශයේ දොඩම්ගොඩ සහ වක්වැල්ල යන පාලම් තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කර, ගිං ග‍ඟේ ජලය ගලා බැසීමට තිබූ අවහිරතා ඉවත් කිරීමට පසුගියදා නාවික හමුදාව කටයුතු කෙරිණි.

දිනපතා ගිං ග‍ඟෙහි සැඩ ජල පහරට හසුව ගසාගෙන එනු ලබන විශාල උණ පඳුරු, දැව කඳන් සහ අප ද්‍රව්‍ය වක්වැල්ල සහ දොඩම්ගොඩ පාළම් තුළ විශාල වශයෙන් සිරවීම හේතුවෙන් ජලය ක්‍රමවත්ව බැස යාම අවහිරවී තිබූ අතර, ඒ හේතුවෙන් නාවික හමුදාවේ දකුණු නාවික විධානයට අයත් නාවික පුද්ගලයින් කණ්ඩායමක් යොදවා එම උණ පඳුරු, දැව කඳන් සහ අපද්‍රව්‍ය ඉවත් කර, අදාල පාළම් තුළින් ජලය ක්‍රමවත්ව බැස යාමට හැකි වන පරිදි සකස් කිරීමට කටයුතු කෙරුණි.

තවද මේ හේතුවෙන් ප්‍රදේශයේ ඇතිවිය හැකිව තිබූ ගංවතුර අවධානම තුරන් කිරීමට නාවික හමුදාවට හැකිවූ අතර, මෙවැනි සමාජ වගකීම් ඉටු කිරීම සඳහා ඉදිරියේදීද අවශ්‍ය පියවර ගැනීමට නාවික හමුදාව නිරන්තර සූදානමින් සිටී.