මෙහෙයුම් පුවත්

මාධ්‍ය නිවේදනය


2020 සැප්තැම්බර් 05 වන දින 1130 පැයට “පැනමා ධජය සහිත New Diamond තෙල් නෞකාවේ ගින්නක් ඇතිවීම” යන ශීර්ෂය යටතේ නිකුත් කල මාධ්‍ය නිවේදනය හා සබැ‍ඳේ

මෙම ආපදාවට ලක් වූ නෞකාව ගොඩබිම සිට මුහුදු සැතපුම් 40 ක් (කිලෝමීටර් 74 ක් පමණ) දක්වා වූ ගැඹුරු මුහුදේ රඳවාගෙන දහන අපෝෂක රසායනික දව්‍ය හා ජලය යොදාගෙන ගිනි නිවීම් හා සිසිලන ආවරණ ලබාදීම ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රමුඛ අනෙකුත් පාර්ශවකරුවන් විසින් තවදුරටත් ඉතා කාර්යක්‍ෂමව සිදු කරනු ලබයි. එමෙන්ම අද දහවල් කාලයේදී ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් තවත් නෞකාවන් දෙකක් (02) වන අමීයා හා අභීක් යන නෞකා ද්විත්වය මෙම මෙහෙයුම සඳහා එක්විය.

05 Sep 2020

නාවික හමුදා මෙහෙයුම් මගින් තහනම් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 05 ක් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ පොලිසිය එක්ව පසුගිය දින කිහිපය තුල පුත්තලම සවීව පුර, පොඩුවකට්ටු, මන්නාරම සහ පල්ලේමුණෙයි ප්‍රදේශයන්හි සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් අයිස්, හෙරොයින් සහ කේරළ ගංජා සමඟ සැකකරුවන් 05ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

05 Sep 2020

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සහ කළ බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (2020 සැප්තැම්බර් 05) මාරවිල වෙරළතීරයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සහ කළ බීඩිකොළ කිලෝග්‍රෑම් 506 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

05 Sep 2020

මාධ්‍ය නිවේදනය


2020 සැප්තැම්බර් 05 වන දින 0600 පැයට “පැනමා ධජය සහිත New Diamond තෙල් නෞකාවේ ගින්නක් ඇතිවීම” යන ශීර්ෂය යටතේ නිකුත් කල මාධ්‍ය නිවේදනය හා සබැ‍ඳේ

මෙම නෞකාව ඊයේ දින (2020 සැප්තැම්බර් 04) 1800 පැය වන විට ගොඩබිමට නාවික සැතපුම් 20ක් පමණ දුරකට ළඟාවී තිබුනද ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රමුඛ අනෙකුත් පාර්ශවයන්ගෙ අඛණ්ඩ ප්‍රයත්නය හමුවේ එම ගින්න පාලනයකට නතුකර ගැනීමට සමත්වීම මත ALP Winger නම් ටග් යාත්‍රාව මෙම ආපදාවට ලක් වූ නෞකාව ගොඩබිම සිට මුහුදු සැතපුම් 40 ක් (කිලෝමීටර් 74 ක් පමණ) දක්වා වූ ගැඹුරු මුහුදේ රඳවන ලදි.

05 Sep 2020

මාධ්‍ය නිවේදනය


2020 සැප්තැම්බර් 04 වන දින 1600 පැයට “පැනමා ධජය සහිත New Diamond තෙල් නෞකාවේ ගින්නක් ඇතිවීම” යන ශීර්ෂය යටතේ නිකුත් කල මාධ්‍ය නිවේදනය හා සබැ‍ඳේ

එම්ටී නිව් ඩයමන්ඩ් (MT New Diamond) නැමති ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ඇති වූ ගින්න පාලනය කිරීම ඉතා සාර්ථක මට්ටමකට පත්වී ඇති අතර, එම නෞකාව උදෑසන 0530පැය වන විට නාවික සැතපුම් 35ක පමණ දුරක රඳවා තබාගෙන ඇත. මේ සඳහා සිදු කරන ලද ඒකාබද්ධ ප්‍රයත්නයේ ප්‍රථිඵලවලට අනුව නෞකාව සියළු පැති වලින් සුරක්‍ෂිත කර ඇති අතර, මෙම නෞකාව ඊයේ දින (2020 සැප්තැම්බර් 04) 1800 පැය වන විට ගොඩබිමට නාවික සැතපුම් 20ක් පමණ දුරකට ළඟාවී තිබුනද ඒ වන විට නෞකාවේ ගින්න මනාලෙස පාලනය කර තිබූ බැවින් ALP Winger නම් ටග් යාත්‍රාව මෙම නෞකාව ගැඹුරු මුහුද වෙත රැගෙන යාමේ කටයුතු ආරම්භ කරන ලදි.

05 Sep 2020