මෙහෙයුම් පුවත්

මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස ගෙන ඒමට උත්සාහ කළ භාණ්ඩ තොගයක් නාවික හමුදා භාරයට ගැනේ

නාවික හමුදාව සිලාවතුර සාවරියපුරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ භාණ්ඩ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් (02) 2020 නොවැම්බර් මස 29 වන දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

29 Nov 2020

මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස ගෙන ඒමට උත්සාහ කළ තවත් වියලි කහ කිලෝ 1372 කට අධික තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව පුත්තලම කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 1372 කට අධික තොගයක් සමඟ ඉන්දීය ජාතිකයින් පස් දෙනෙක් (05) 2020 නොවැම්බර් මස 28 වන දින රාත්‍රි කාලයේදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

29 Nov 2020

නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණයවීමට උත්සාහ කළබවට සැකසහිත පිරිසක් පේසාලේ මුහුදේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් මන්නාරම පේසාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටින් ඉන්දියාවට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකසහිත ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙක් (05) සහ ජාවාරම් කරුවන් දෙදෙනෙක් (02) 2020 නොවැම්බර් 28 දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

29 Nov 2020

ධිවර දැලක සිරවී සිටී කැස්බෑවන් 08 ක් නාවික හමුදාව බේරා ගැනේ

නාවික හමුදාව විසින් මන්නාරම දකුණු මුහුදු ප්‍රදේශයේ සිදුකළ මුර සංචාරයකදී ධීවර දැලක සිරවී සිටි කැස්බෑවන් අටදෙනෙකු (08) නිදහස් කර මුදාහැරීමට 2020 නොවැම්බර් 28 වන දින කටයුතු කරන ලදී.

29 Nov 2020