මෙහෙයුම් පුවත්

නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් සංක්‍රමණය වීමට උත්සාහ කල පුද්ගලයින් 24 දෙනෙක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව කල්පිටිය, කුරක්කන්හේන ප්‍රදේශයේ අද (2021 මාර්තු 11) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට සූදානම් වූ පුද්ගලයින් 24 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

11 Mar 2021

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සහ කළ රුපියල් මිලියන 42 කට අධික වටිනා කමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 02ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව යාපනය, එළුවතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2021 මාර්තු 10 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ රුපියල් මිලියන 42කට අධික වටිනා කමින් යුත් කේරළ ගංජා කිලෝ 141ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

11 Mar 2021