මෙහෙයුම් පුවත්

ගංවතුරෙන් ආපදාවට පත්ව සිටින පිරිස් වෙත සහන සැළසීමට තවත් නාවික හමුදා සහන කණ්ඩායම් 03ක් ස්ථානගත කෙරේ

පවත්නා අධික වර්ෂාව හේතුවෙන් ඇතිවී තිබෙන ගංවතුර තත්ත්වය හමුවේ ආපදාවට පත්ව සිටින ජනතාව මුදා ගැනීමට සහ සහන සැළසීමට තවත් නාවික හමුදා සහන කණ්ඩායම් 03ක් ගම්පහ සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ගංවතුර අවදානමක් සහිත ප්‍රදේශවල ස්ථානගත කිරීමට අද (2021 මැයි 14) සවස කටයුතු කෙරිණි.

14 May 2021

නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන පුද්ගලයින් 30 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව හලාවත, සමිදුගම ප්‍රදේශයේ 2021 මැයි මස 13 සහ 14 යන දිනයන්හි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන පුද්ගලයින් 30 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

14 May 2021

ගංවතුරෙන් ආපදාවට පත්ව සිටි පිරිස් නාවික හමුදා සහන කණ්ඩායම් විසින් මුදා ගැනේ

මේ දිනවල පවත්නා අධික වර්ෂාපතනය හේතුවෙන් ඇතිවිය හැකි ගංවතුර අවදානම් තත්ත්වය යටතේ ආපදාවට පත් වන ජනතාව මුදා ගැනීම සහ අවශ්‍ය සහන සැලසීම සඳහා බස්නාහිර හා දකුණු පළාත් තුළ ගංවතුර අවධානමක් සහිත ප්‍රදේශයන් වල නාවික හමුදා සහන කණ්ඩායම් 10ක් ස්ථානගත කිරීමට මේ වන විට කටයුතු කර ඇත. ඒ අනුව 2021 මැයි 13 වන දින රාත්‍රියේ ගාල්ල උඩුගම ප්‍රදේශයේදී ගිං ගඟ පිටාර ගැලීමෙන් ආපදාවට පත්ව සිටි පුද්ගලයින් 06 දෙනෙකු බේරා ගැනීමට නාවික හමුදා සහන කණ්ඩායම් සමත් විය.

14 May 2021