මෙහෙයුම් පුවත්
කේරළ ගංජා සමඟ සැකකරුවෙක් නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට
![](../assets/images/news/oparation_news/front_img/202105212000.jpg)
ශ්රී ලංකා නාවික හමුදාව විසින් මන්නාරම ප්රදේශයේ 2021 මැයි මස 20 වන දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් විකිණීම සඳහා සූදානම් කළ කේරළ ගංජා කිලෝ 01 ග්රෑම් 450 ක පමණ ප්රමාණයක් සමඟ සැකකරුවකු (01) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
21 May 2021
කොළඹ වරාය ආසන්නයේ නැංගුරම් ලා ඇති බහාලුම් ප්රවාහන නෞකාවක ගින්නක් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදා සහාය
![](../assets/images/news/oparation_news/front_img/202105210900.jpg)
කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබූ X-PRESS PEARL නැමති බහාලුම් ප්රවාහන නෞකාවේ 2021 මැයි 20 වන දින දිවා කාලයේ ගින්නක් ඇතිවී ඇති බවට ලද තොරතුරකට වහාම ප්රතිචාර දැක්වූ නාවික හමුදාව, එම මුහුදු ප්රදේශය වෙත ශ්රී ලංනානෞ සාගර සහ සිඳුරළ යන ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකා 02 සහ වේග ප්රහාරක යාත්රාවක් පිටත් කර හැරීමට කටයුතු කෙරිණි. මේ වන විට වරාය අධිකාරියට අයත් ටග් යාත්රාවක් (01) ද මෙම මුහුදු ප්රදේශයේ නෞකාවේ ඇති වී තිබෙන ගින්න පාලනය සඳහා යොදවා ඇත.
21 May 2021