රුපියල් මිලියන 8 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 02ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරමට උතුරු මුහුදේ සිදු කළ විශේෂ මුර සංචාරයකදී කේරල ගංජා කිලෝ 29 යි ග්‍රෑම් 800ක ප්‍රමාණයක් සමඟ ඩිංගි යාත්‍රාවක් සහ සැකකරුවන් දෙදෙනෙකු (02) 2021 ජුනි 01 වන දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

උතුරු මැද නාවික විධානය මගින් 2021 ජුනි 01 වන දින පස්වරුවේ මන්නාරමට උතුරු මුහුදු ප්‍රදේශයේ සිදු කළ මෙම විශේෂ මුර සංචාරයේදී ගොඩබිම දෙසට යාත්‍රා කළ සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් පරික්‍ෂාවට ලක් කර, එහි උර දෙකක් (02) තුළ පාර්සල් 14ක අසුරා තිබු කේරළ ගංජා කිලෝ 29යි ග්‍රෑම් 800ක පමණ ප්‍රමාණයක් සමඟ එම ඩිංගි යාත්‍රා‍ව සහ එහි සිටි සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගන්නා ලදී.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ වීථි වටිනාකම රු.මිලියන 8 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

කොව්ඩ් -19 ව්‍යාප්තිය වැළැක්වීමේ සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව සිදු කළ මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් දෙදෙනා මන්නාරම ඉරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට අනාවරණය වු අතර, එම සැකකරුවන්, කේරළ ගංජා සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා ත‍ලෙයිමන්නාරම පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.