ගංවතුර අවදානමට මුහුණ දීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් ස්ථානගත කෙරේ

මේ දින වල දිවයිනේ ප්‍රදේශ ගණනාවකට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඇති විය හැකි ගං වතුර අවධානමට මුහුණ දීම සඳහා දකුණු පාළාතේ සහ බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයක් වෙත නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර, මුදවා ගැනීමේ හා සහන ඒකකයට අයත් කණ්ඩායම් 05ක් ස්ථානගත කිරීමට අද (2021 ජුනි 03) නාවික හමුදාව කටයුතු කෙරිණි.

ඒ අනුව අධික වැසි හේතුවෙන් ගිං ග‍‍ඟෙහි සහ කළු ග‍ඟෙහි ජල මට්ටම ඉහළ යමින් පවතින අතර, ඇති විය හැකි ගං වතුර අවධානම හමුවේ ජනතාවට සහන සැලසීම සඳහා දකුණු නාවික විධානය මගින් තවලම, හිනිදුම සහ ඒප්පල ප්‍රදේශ වෙත නාවික හමුදා සහන කණ්ඩායම් 03ක් ද, බටහිර නාවික විධානය මගින් බුලත්සිංහල, පරගොඩ ප්‍රදේශයේ සහ බුලත්සිංහල ප්‍රාදේශිය ලේඛම් කාර්යාල පරිශ්‍රයේ තවත් ආපදා සහන කණ්ඩායම් දෙකක් ද (02) ස්ථානගත කරන ලදී.

තවද, දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය මත ජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා අවශ්‍යතාවය මත ස්ථානගත කිරිමට නාවික හමුදාව විසින් තවත් අමතර සහන කණ්ඩායම් සුදානමින් තබා ඇත.