මෙහෙයුම් පුවත්

රුපියල් මිලියන 68කට අධික විථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

නාවික හමුදාව වෙත්තලකේනි, අලියවේලි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ අද (2021 සැප්තැම්බර් 05) අළුයම සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 227 ග්‍රෑම් 400ක (ඇසුරුම් සහිත බර) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

05 Sep 2021

නීති විරෝධි ලෙස රැගෙන ආ වියලි කහ කිලෝ 1026 ක පමණ තොගයක් සමග සැකකරුන් 04ක් කල්පිටියේදී නීතීයේ රැහැනට

නාවික හමුදාව විසින් කල්පිටිය ඒත්තාලේ ප්‍රදේශයේ අද අළුයම (2021 සැප්තැම්බර් 05) සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක්‍ මඟින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝ 1026 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු (04) සහ ඩීංගි යාත්‍රා 02ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

05 Sep 2021