මෙහෙයුම් පුවත්

කේරළ ගංජා සමඟ සැකකරුවෙක් යාපනයේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය එක්ව 2022 ජනවාරි 27 දින මධ්‍යම රාත්‍රියේ යාපනය, තික්කම් ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 6 යි ග්‍රෑම් 141ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවෙක් (01) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

28 Jan 2022

‘ගැඹුරු මුහුදේ නාවික හමුදාව සිදු කළ විශේෂ මෙහෙයුමකින් රුපියල් මිලියන 3300කට අධික වීථි වටිනාකමින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ දේශිය ධීවර යාත්‍රා 02ක් අත්අඩංගුවට ගනියි’ යන සිරස්තලය යටතේ 2022 ජනවාරි 24 වන දින නිකුත්කළ පුවත හා සබැ‍ඳේ

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ සිදුකළ සාර්ථක මෙහෙයුමක් මඟින් 2022 ජනවාරි මස 17 සහ 22 යන දිනයන්හී අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය රැගත් දේශීය ධීවර යාත්‍රා සහ දේශීය සැකකරුවන් 11 දෙනා අද (2022 ජනවාරි 25) උදෑසන කොළඹ වරාය වෙත රැගෙන එන ලද අතර, එය නිරීක්‍ෂණය කිරීම සඳහා ආරක්‍ෂක ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.

25 Jan 2022

ගැඹුරු මුහුදේ නාවික හමුදාව සිදු කළ විශේෂ මෙහෙයුමකින් රුපියල් මිලියන 3300කට අධික වීථි වටිනාකමින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ දේශිය ධීවර යාත්‍රා 02ක් අත්අඩංගුවට ගනීයි

ශ්‍රී ලංකා නාවික හමුදාව, රාජ්‍ය බුද්ධි සේවාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව ශ්‍රී ලංකාවට දකුණු ‍දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් රුපියල් මිලියන 3300කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 330 කට අධික තොගයක් (ඇසුරුම් බර සහිතව) රැගත් දේශීය බහුදින යාත්‍රාවක් සහ එම ජාවාරමට සම්බන්ධ තවත් දේශීය යාත්‍රාවක් සමඟ දේශීය සැකකරුවන් 11 දෙනෙකු 2022 ජනවාරි මස 17 සහ 22 යන දිනයන්හී අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

24 Jan 2022

රුපියල් මිලියන 24කට අධික වීථි වටිනාකමකින් යුත් කේරළ ගංජා සමඟ සැකකරුවෙක් යාපනයේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය එක්ව 2022 ජනවාරි 21 දින රාත්‍රියේ යාපනය,  චුලිපුරම් ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 80 යි ග්‍රෑම් 500ක  පමණ තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

22 Jan 2022

පුපුරණද්‍රව්‍ය ‍භාවිතයෙන් සිදු කරන ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාවෙන් මෙහෙයුම්

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසු ගිය දින දෙකක් තුළ (2022 ජනවාරි මස 17 සහ 20) මන්නාරම සහ එරක්කන්ඩි ප්‍රදේශයන්හි සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදු කිරීම සඳහා සූදානම් කර තිබූ වෝටර් ජෙල් නැමැති වාණිජ පුපුරණද්‍රව්‍ය කූරූ එකොලහක් (11) සමඟ තවත් පුපුරණද්‍රව්‍ය ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

21 Jan 2022

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු තලෙයිමන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව තලෙයිමන්නාරම ඌරුමලේ වෙරළ ප්‍රදේශයේ අද (2022 ජනවාරි 19) සන්ධ්‍යාවේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) ග්‍රෑම් 485ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවකු නාවික හමුදාභාරයට ගැනීමට කටයුතු කෙරිණි.

19 Jan 2022

බහු දින යාත්‍රාවකින් මුහුදට වැටී පැය 18කට අධික කාලයක් මුහුදේ පා වෙමින් සිටි ධීවරයෙකු නාවික හමුදාව විසින් බේරා ගනී

‘ලක්විදු 3’ නැමති බහු දින ධීවර යාත්‍රාවෙන් තංගල්ල මුහුදු ප්‍රදේශයේ දී 2022 ජනවාරි 08 පස්වරුවේ මුහුදට වැටුණු ධීවර‍යෙකු, නාවික හමුදාවේ ඒ 543 යාත්‍රාව මඟින් අද (2022 ජනවාරි 09) උදෑසන බේරා ගැනීමෙන් අනතුරුව කඩිනමින් ගාල්ල වරාය වෙත රැගෙන විත්, ඉදිරි ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්‍ෂණ රෝහල වෙත යොමු කිරීමට කටයුතු කෙරිණි.

09 Jan 2022

මුහුදේ දී ආපදාවට පත් මෙරට ධීවර යාත්‍රාවක සිටි ධීවරයන් මුදා ගැනීම සඳහා නාවික හමුදා සහය

ශ්‍රී ලංකාවට නිරිත දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ආපදාවට පත් ‘අසේල පුතා II’ නැමති බහු දින ධීවර යාත්‍රාවෙන් මුදාගත් ධීවරයින් පස් දෙනෙකු (05) නාවික හමුදාවේ සම්බන්ධීකරණයෙන් MV PGC Periklis (IMO 9796171) නම් විදේශිය නෞකාව මඟින් ගාල්ල වරාය වෙත රැගෙන විත් ප්‍රතිකාර කටයුතු සඳහා ගාල්ල කරාපිටිය රෝහල වෙත යොමු කිරීමට අද (2022 ජනවාරි 08) සන්ධ්‍යාවේ නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

08 Jan 2022