මෙහෙයුම් පුවත්

උතුරු මුහුදේ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදා භාරයට

යාපනය, ඩෙල්ෆ්ට් දුපතට ඊසාන දෙසින් වූ මෙරට මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා රැසක් මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක් නාවික හමුදාව විසින් 2022 අප්‍රේල් මස 03 වන දින අළුයම් කාලයේ සිදු කළ අතර, එහිදී මෙරට මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධිවර කටයුතු සිදු කළ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමඟ ඉන්දීය ජාතික ධීවරයින් 12 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

03 Apr 2022

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවකු මන්නාරමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම තොට්ටක්කාඩු ප්‍රදේශයේ 2022 අප්‍රේල් මස 02 වන දින රාත්‍රියේ මන්නාරම පොලිස් කොට්ටාශ දූෂණ මර්ධන ඒකකය සමඟ එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) ග්‍රෑම් 563ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවකු (01) නීතියේ රැහැනට හසු කර ගැනීමට කටයුතු කෙරිණි.

03 Apr 2022