වත්තල ඇළකන්ද ප්‍රදේශයේ ඇති වූ හදිසි ගින්නක් පාලනය කිරීම සඳහා නාවික හමුදා සහාය

වත්තල ඇළකන්ද ප්‍රදේශයේ පිහිටි දෙමහල් ගොඩනැඟිල්ලක බිම් මහලේ රෙදිපිලි වෙළඳසැල් තුනක (03) ඇතිවූ හදිසි ගින්නක් මැඩපවත්වා එම ගින්න අවට ප්‍රදේශයට පැතිරීම වළක්වා පාලනය කිරීමට නාවික හමුදාව අද (2022 මැයි 06) උදෑසන කටයුතු කරන ලදී.

වත්තල ඇළකන්ද ඇලබඩ වත්ත ප්‍රදේශයේ පිහිටි දෙමහල් ගොඩනැඟිල්ලක බිම් මහලේ රෙදිපිලි වෙළඳසැල් තුනක් (03) හදිසි ගිනි ගැනීමකට ලක්වී ඇති බවත්, එම ගින්න මැඩපවත්වා අවට ප්‍රදේශයට ගින්න පැතිරීම වැළැක්වීමට නාවික හමුදා ගිනි නිවීමේ කණ්ඩායමක සහාය ලබා දෙන ලෙස වත්තල පොලිස් ස්ථානය මඟින් අද (2022 මැයි 06) උදෑසන වැලිසර ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයේ මෙහෙයුම් මැදිරිය වෙත දැනුම් දීමක් සිදු කරන ලදී.

ඒ අනුව, එම දැනුම්දීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයට අනුයුක්ත ගිනි නිවීමේ කණ්ඩායමක්, ගිනි නිවීමේ රථයක්ද සමඟින් අදාල ගින්න පාලනය කිරීම සඳහා එම ස්ථානය වෙත යොමු කරන ලද අතර, නාවික හමුදා ගිනි නිවීමේ කණ්ඩායම විසින් ප්‍රදේශ වාසීන්ගේද සහය ඇතිව ඇතිව තිබූ ගින්න පාලනය කර අවට ප්‍රදේශයට පැතිරීම වැළැක්වීමට කටයුතු කෙරිණි.

තවද, ඕනෑම හදිසි අවස්ථාවකදී ආපදාවට පත් වන මහජනතාව වෙත සහන සැළසීම සඳහා නාවික හමුදාව නිරන්තර සූදානමින් සිටී.