මෙහෙයුම් පුවත්

රුපියල් මිලියන 63 කට අධික විථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් නොරෝච්චෝලේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව පුත්තලම නොරොච්චෝලේ ප්‍රදේශයේ අද අළුයම (2022 ජූලි 06) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 212 ක පමණ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක් සමඟ සැකකරුවකු (01) නීතීයේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

06 Jul 2022

අනවසරයෙන් මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ තවත් 53 ක් ජාවාරම්කරුවන් 02 ක් සමඟ නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව ත්‍රිකුණාමලය එරක්කන්ඩි වෙරළ ප්‍රදේශයේ සහ මන්නාරම තාල්පාඩු වෙරළ ප්‍රදේශයේ 2022 ජුලි මස 05 වන දින රාත්‍රියේ සිදුකළ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 53 ක් සමග ජාවාරම්කරුවන් 02 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

06 Jul 2022