මෙහෙයුම් පුවත්

නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ 78 ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව මඩකලපුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ මඩකලපුව කළුවන්කේනි වෙරළ ප්‍රදේශයේ 2022 ජුලි මස 10 වන දින රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 78 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

11 Jul 2022

රුපියල් මිලියන 33 ක පමණ දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් ‍මන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම වැලිපර ආශ්‍රිතව සහ ඌරුමලේ වෙරළ තීරයේ අද (2022 ජුලි 10) සහ 2022 ජුලි මස 09 වන දින සිදුකළ මුර සංචාරයන්හීදී කේරළ ගංජා කිලෝ 113 ග්‍රෑම් 280 ක පමණ තොගයක් (තෙත බර සහිතව) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

11 Jul 2022