මෙහෙයුම් පුවත්

රුපියල් මිලියන 20 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් යාපනය, අනලතිව් දූපතේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව ‍පොලිසිය හා එක්ව අද දින (2023 ජනවාරි 24) උදෑසන යාපනය, අනලතිව් දූපතේ වෙරළ ප්‍රදේශයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 60 කට අධික තොගයක් (‍තෙත බර සහිත) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

24 Jan 2023

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ 1105 කට අධික තොගයක් මීගමුව, දුන්ගල්පිටිය කළපු ප්‍ර‍‍දේශයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව, දුන්ගල්පිටිය කළපු ප්‍රදේශයේ අද දින (2023 ජනවාරි 24) අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1105 කට අධික තොගයක් සමඟ ඩිංගි යාත්‍රා දෙකක් (02) ක් සහ සැකකරුවන් දෙදෙනෙක් (02) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

24 Jan 2023