කේරළ ගංජා කිලෝග්‍රෑම් 10 ක් සමඟ සැකකරුවෙක් කිලිනොච්චියේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2023 පෙබරවාරි මස 06 වන දින රාත්‍රියේ කිලිනොච්චිය, වට්ටකච්චි ප්‍රදේශයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 10 ක පමණ තොගයක්, සැකකරුවෙකු (01) සහ යතුරු පැදියක් නීතීයේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, උතුරු නාවික විධානයට අයත් නාවික ස්ථානගතකිරීම් වෙත්තලකේනි මඟින් පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව කිලිනොච්චිය, වට්ටකච්චි ප්‍රදේශයේ 2023 පෙබරවාරි මස 06 වන දින රාත්‍රියේ සිදුකළ මෙම විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, එම ප්‍රදේශයේ කුඹුරු යායක සැකකටයුතු ලෙස රැඳී සිටි පුද්ගලයෙකු වෙතින් සිදුකල ප්‍රශ්න කිරීමේදී එම කුඹුරු යායේ සඟවන ලද පාර්සල් 05 ක අසුරා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 10 ක පමණ තොගයක් සමඟ එම සැකකරු (01) සහ යතුරු පැදියක් මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 3 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

තවද, අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 20 ක් වන කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගන්නා ලද අතර, එම සැකකරු සහ කේරළ ගංජා තොගය සහ යතුරු පැදිය ඉදිරි නීතිමය කටයුතු සඳහා කිලිනොච්චිය, රාමනාදපුරම් පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.