කල්පිටිය කුඩාව වෙරළට ගොඩගැසූ තල්මසුන් නාවික හමුදා සහයෙන් නිරුපද්‍රිතව සාගරයට මුදාහැරේ

කල්පිටිය, කුඩාව වෙරළ තීරයට ගොඩගැසූ තල්මසුන් රංචුවක් නැවත නිරුපද්‍රිතව සාගරය වෙත මුදා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව අද දින (2023 පෙබරවාරි 11) සහය ලබාදීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් අද දින (2023 පෙබරවාරි 11) උදෑසන කල්පිටිය කුඩාව වෙරළ තීරයට තල්මසුන් දාහතර දෙනෙකු (14) පමණ රංචුවක් ගොඩ ගසා ඇති බව නිරීක්ෂණය කරන ලදී. අනතුරුව, වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව වන ජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ ප්‍රදේශවාසීන්ගේද සහය ඇතිව එම තල්මසුන් නැවතත් මුහුදට යොමුකිරීමට කටයුතු කෙරිණි.

මෙලෙස ගොඩ ගසන ලද තල්මසුන් අතරින් තිදෙනෙක් (03) මියගොස් ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව විසින් තහවුරු කර තිබේ.

තවද, මෙම තල්මසුන් ‘Short–Finned Pilot Whale වර්ගයට අයත් තල්මසුන් බවට හඳුනාගෙන ඇත.