මෙහෙයුම් පුවත්
නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන එන ලද භාණ්ඩ තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට
![](../assets/images/news/oparation_news/front_img/202303041345.jpg)
ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය, මොහොත්තුවාරම් වෙරළ ප්‍රදේශයේ 2023 මාර්තු මස 03 වන දින සවස් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන එන ලද බවට සැක කෙරෙන භාණ්ඩ තොගයක් රැගත් ඩිංගි යාත්‍රා 02 ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
04 Mar 2023
කේරළ ගංජා කිලෝ 10 කට අධික තොගයක් සමඟ සැකකරුවෙක් මන්නාරමේදී නීතියේ රැහැනට
![](../assets/images/news/oparation_news/front_img/202303041315.jpg)
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව, මන්නාරම, පල්ලෙමුනේ ප්‍රදේශයේ 2023 මාර්තු මස 03 වන දින සන්ද්‍යා කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 10 කට අධික තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
04 Mar 2023