මෙහෙයුම් පුවත්
නැගෙනහිර මුහුදේ දී ආපදාවට පත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් කොඩ්බේ ධීවර වරාය වෙත නිරුපද්‍රිතව ඇදගෙන ඒමට නාවික හමුදා සහාය
![](../assets/images/news/oparation_news/front_img/202303101700.jpg)
ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කොළඹ, සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ (MRCC - Colombo) සම්බන්ධීකරණයෙන්, සිදුකල විශේෂ සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුමක් මඟින්, ෆවුල් තුඩුවේ සිට නාවික සැතපුම් 54 ක් පමණ (කිලෝ මීටර් 100 ක් පමණ) දුරින්, ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් වූ ගැඹුරු මුහුදේ දී ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් ආපදාවට පත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධිවරයින් හය දෙනෙක් (06) සමඟ එම බහුදින ධිවර යාත්‍රාව නිරුපද්‍රිතව කොඩ්බේ ධීවර වරාය වෙත ඇදගෙන ඒමට අද දින (2023 මාර්තු 10) නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
10 Mar 2023
කේරළ ගංජා කිලෝ 03 කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 03 ක් තලෙයිමන්නාරමේදී නීතියේ රැහැනට
![](../assets/images/news/oparation_news/front_img/202303100930.jpg)
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව, තලෙයිමන්නාරම, පැරණි ජැටිය ප්‍රදේශයේ 2023 මාර්තු මස 09 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 03 කට අධික ප්‍රමාණයක් (තෙත බර සහිත) සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
10 Mar 2023