නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයෙක් නැගෙනහිර මුහුදේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මුලතිව් ධීවර පරීක්ෂක කාර්යාලය හා එක්ව පුල්මුඩේ, තුඩුව ප්‍රදේශයේ අද දින (2023 මාර්තු 22) උදෑසන කාලයේ සිදු කල ඒකාබද්ධ විශේෂ මෙහෙයුමකදී, වලංගු බලපත්‍ර රහිතව නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයෙක් (01) සමඟ ඩිංගි යාත්‍රාවක් (01) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, අද දින (2023 මාර්තු 22) උදෑසන කාලයේදී නැගෙනහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා රන්වැලි ආයතනයට අනුයුක්ත නාවිකයින් සහ මුලතිව් ධීවර පරීක්ෂක කාර්යාලයේ නිලධාරීන් එක්ව සිදු කල ඒකාබද්ධ විශේෂ මෙහෙයුමකදී, නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයෙක් (01) සමඟ ඩිංගි යාත්‍රාවක් (01) සහ නීති විරෝධී ධීවර ආම්පන්න මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙ‍හෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28 ක් වන මුලතිව් ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගන්නා ලද අතර, එම සැකකරු (01), ධීවර ආම්පන්න සහ ඩිංගි යාත්‍රාව (01) ඉදිරි නීතීමය කටයුතු සඳහා මුලතිව් ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.