මෙහෙයුම් පුවත්

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය බහුදින ධීවර යාත්‍රා 02 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද දින (2023 මාර්තු 23) අළුයම යාපනය, අනලතිව් සහ කෝවිලන් ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් (02) සමඟ ඉන්දීය ධීවරයින් දොළොස් දෙනෙකු (12) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

23 Mar 2023

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයෙක් නැගෙනහිර මුහුදේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මුලතිව් ධීවර පරීක්ෂක කාර්යාලය හා එක්ව පුල්මුඩේ, තුඩුව ප්‍රදේශයේ අද දින (2023 මාර්තු 22) උදෑසන කාලයේ සිදු කල ඒකාබද්ධ විශේෂ මෙහෙයුමකදී, වලංගු බලපත්‍ර රහිතව නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයෙක් (01) සමඟ ඩිංගි යාත්‍රාවක් (01) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

23 Mar 2023