නීති විරෝධී ලෙස වියළි මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු මන්නාර‍ම් මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම, පල්ලෙමුණේ කලපු ප්‍රදේශයේ 2023 මාර්තු මස 27 වන දින සවස් කාලයේ සිදු කල විශේෂ මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස වියළි මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු (01) සමඟ කිමිදුම් උපකරණ, වියළි මුහුදු කූඩැල්ලන් කිලෝ ග්‍රෑම් 230 ක පමණ තොගයක් සහ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, 2023 මාර්තු මස 27 වන දින සවස් කාලයේදී උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික ‍නෞකා ගජබා ආයතනය මඟින් මන්නාරම, පල්ලෙමුණේ කලපු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස වියළි මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු (01) සමඟ කිමිදුම් උපකරණ, වියළි මුහුදු කූඩැල්ලන් කිලෝ ග්‍රෑම් 230 ක පමණ තොගයක් සහ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

එලෙස නාවික හමුදා භාරයට ගත් සැකකරු වයස අවුරුදු 52 ක් වන මන්නාරම ප්‍රදේශයෙහි පදිංචිකරුවකු බවට හඳුනාගන්නා ලද අතර, එම සැකකරු, කිමිදුම් උපකරණ, ඩිංගි යාත්‍රාව සහ මුහුදු කූඩැල්ලන් තොගය ඉදිරි නීතීමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.