ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්ව අද දින උදෑසන ( 2023 මැයි 14) සිදුකල විශේෂ සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුමක් මඟින්, බේරුවල ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 08 ක් පමණ (කිලෝ මීටර් 15 ක් පමණ) දුරින්, ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ මුහුදේ දී අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් යාත්‍රාව තුළට ජලය කාන්දු වී මුහුදේ ගිලෙමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් හය දෙනෙකු (06) වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් සීජී 208 යාත්‍රාව මඟින් නිරුපද්‍රිතව බේරාගැනීමට කටයුතු කෙරිණි.
වැඩිදුර කියවන්න >
14 May 2023