වාණිජ පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් ත්‍රිකුණාමලයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්යය බළකාය හා එක්ව ත්‍රිකුණාමලය, එරක්කණ්ඩි ප්‍රදේශයේ 2023 ජුනි මස 12 වන දින රාත්‍රී කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා රැගෙන යමින් සිටි වෝටර් ජෙල් (Water Gel) නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු හතලිස් පහක් (45) සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කර්මාන්තය හේතුවෙන් සාගරික පරිසර පද්ධතියට සිදුවන හානිය වැළැක්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් පසුවෙමින් සෝදසි මෙහෙයුම් සිදු කරනු ලබයි.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනය සහ සර්ධාපුර පොලිස් විශේෂ කාර්යය බළකාය එක්ව ත්‍රිකුණාමලය, එරක්කණ්ඩි ප්‍රදේශයේ 2023 ජුනි මස 12 වන දින රාත්‍රී කාලයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකරන ලදි. එහිදී, මාර්ගයේ ගමන් ගත් සැකකටයුතු පුද්ගලයෙකු පරික්ෂා කිරීමේදී, ඔහු සන්තකයේ තිබී නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා රැගෙන යමින් සිටි වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු හතලිස් පහක් (45) සමඟ එම සැකකරු (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු (01) වයස අවුරුදු 45 ක් වන ත්‍රිකුණාමලය, එරක්කණ්ඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගන්නා ලද අතර, එම සැකකරු (01) සහ වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු හතලිස් පහ (45) ඉදිරි නිතීමය කටයුතු සඳහා කුච්චවේලී පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.