මෙහෙයුම් පුවත්

නීති විරෝධී ලෙස රැගෙන යාමට උත්සාහ කල රත්‍රං කිලෝග්‍රෑම් 08 කට අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) කල්පිටිය කලපුවේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව අද දින (2023 ජුලි 12) අළුයම් කාලයේ කල්පිටිය, වන්නිමුන්දලම කළපු ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන යාමට උත්සාහ කල රත්‍රං කිලෝ 08 ග්‍රෑම් 450 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

12 Jul 2023

දකුණු මුහුදේදී අනතුරක් හේතුවෙන් පිළිස්සුම් තුවාල ලත් ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

ගාල්ලේ සිට නාවික සැතපුම් 431ක් පමණ (කිලෝ මීටර් 798 ක් පමණ) ශ්‍රී ලංකාවට නිරිත දෙසින් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයේ දී අනතුරක් හේතුවෙන් පිළිස්සුම් තුවාල ලත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් ගොඩබිමට රැගෙනවිත්, ප්‍රතිකාර සඳහා කඩිනමින් ගාල්ල කරාපිටිය රෝහල වෙත යොමු කිරිමට නාවික හමුදාව අද දින (2023 ජුලි 11) කටයුතු කෙරිණි.

12 Jul 2023