මුව මස් කිලෝ ග්‍රෑම් 24 කට අධික තොගයක් සමඟ පුද්ගලයින් 03 ක් පානම දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව පානම ශාස්ත්‍රවේලි ප්‍රදේශයේ 2023 ජුලි මස 25 වන දින සිදු කල මුර සංචාරයකදී මුව මස් කිලෝ 24 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

ඒ අනුව, ගිණිකොණ නාවික විධානයට අයත් ශ්‍රි ලංකා නාවික නෞකා මහානාග ආයතනය මඟින් 2023 ජුලි මස 25 වන දින පානම ශාස්ත්‍රවේලි ප්‍රදේශයේ සිදුකල පාමුර සංචාරයකදී එම ප්‍රදේශයේ රැඳී සිටි සැකකටයුතු පුද්ගලයින් තිදෙනෙකු (03) නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලදි. එහිදී එම පුද්ගලයින් සන්තකයේ තිබූ මුව මස් කිලෝ 24 යි ග්‍රෑම් 300 ක තොගයක් සමඟ එම පුද්ගලයින් තිදෙනා (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයන් වයස අවුරුදු 34 ත් 42 ත් අතර වයසේ පසුවන පානම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, එම පුද්ගලයින් සහ මුව මස් තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා පානම වනජීවි දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.