නීති විරෝධි ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 176 ක පමණ තොගයක් සීදූවේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, සීදූව පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව සීදුව, නයිනමඩම ප්‍රදේශයේ 2023 අගෝස්තු මස 23 වන දින සවස් කාලයේදී සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් එම ප්‍රදේශයේ පිහිටි, අතහැර දමා තිබූ නිවසක තිබී නීති විරෝධි ලෙස රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් එකසිය හැත්තෑ හයක (176) පමණ තොගයක් නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙ‍රිණි.

ඒ අනුව, බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කැළණි ආයතනය, සීදූව පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව සීදුව, නයිනමඩම ප්‍රදේශයේ 2023 අගෝස්තු මස 23 වන දින සවස් කාලයේදී සිදුකළ මෙම විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, එම ප්‍රදේශයේ අතහැර දමා තිබූ සැකකටයුතු නිවසක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, එම නිවසේ සූක්ෂම ලෙස සඟවා තිබූ නීති විරෝධි ලෙස රැගෙන ආ බවට සැකකෙරෙන පාර්සල් දහයක (10) අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රැම් එකසිය හැත්තෑ හයක (176) පමණ තොගයක් මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් බීඩි කොළ කිලෝග්‍රැම් එකසිය හැත්තෑ හයක (176) පමණ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා වයික්කාල සුරාබදු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.