නීති විරෝධි ලෙස රැගෙන ආ බීඩි කොළ තොගයක් පුත්තලමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව පුත්තලම, තිල්ලයාඩි ප්‍රදේශයේ අද දින (2023 අගෝස්තු 26) අළුයම් කාලයේදී සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ නීති විරෝධි ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් හත්සිය අනූ දෙකක (792) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපණ්නි ආයතනය මඟින් පුත්තලම, තිල්ලයාඩි ප්‍රදේශයේ අද දින (2023 අගෝස්තු 26) අළුයම් කාලයේදී සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබූ පාර්සල් විසි තුනක (23) අසුරන ලද බීඩි කොළ කිලෝ 792 ග්‍රැම් 800 ක පමණ තොගයක් (තෙත බර සහිත) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ කිලෝග්‍රැම් හත්සිය අනූ දෙකක (792) පමණ තොගය (තෙත බර සහිත) ඉදිරි නීතිමය කටයුතු සිදු කරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ඇත.