මෙහෙයුම් පුවත්

නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 04 ක් නැගෙනහිර මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2023 සැප්තැම්බර් මස 18 වන දින දහවල් කාලයේ ත්‍රිකුණාමලය, කෝණේශ්වරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් සිව් දෙනෙකු (04) සමඟ ඩිංගි යාත්‍රාවක් (01) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

19 Sep 2023

නාවික හමුදාව මඟින් ගාල්ල අගලිය පාලම තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්

ගාල්ල, බද්දේගම ප්‍රදේශයේ ගිං ග‍ඟ හරහා ඉදි කර ඇති අගලිය පාලම තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්, නාවික හමුදාව විසින් 2023 සැප්තැම්බර් මස 18 වන දින ක්‍රියාත්මක කෙරිණි.

19 Sep 2023