ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට නාවික හමුදාව සහන සලසයි

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා දකුණු පළාතේ අකුරුස්ස, අතුරලිය, තවලම සහ කඹුරුපිටිය යන ප්‍රදේශයන් වෙත 2023 සැප්තැම්බර් මස 28 වන දින සිට නාවික හමුදා සහන කණ්ඩායම් අනුයුක්ත කිරීමට නාවික හමුදාව කටයුතු කල අතර, මේ වන විට එම සහන කණ්ඩායම් මහජනතාවට සහන සැලසීමේ මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, නිල්වලා ගඟ හා කිරඹආර පිටාර ගැලීම හේතුවෙන් 2023 සැප්තැම්බර් මස 30 වන දින මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය ප්‍රදේශයේ ඇතිවී ඇති ජල ගැලීම් තත්වය හමුවේ, විවිධ රෝගී තත්වයන්ට පත් ජනතාවට වෛද්‍ය ප්‍රථිකාර ලබාගැනීමට යාම සඳහා ඩිංගි යාත්‍රා මඟින් අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීම නාවික හමුදා සහන කණ්ඩායම් මඟින් සිදු කෙරිණි.

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය මත ඇති විය හැකි ගංවතුර අවදානම හමුවේ පීඩාවට පත්වන ජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා නාවික හමුදාව නිරතුරුව සූදානමින් සිටියි.