කේරළ ගංජා ප්‍රවාහනය කල සැකකරුවන් 02 ක් යාපනයේ කයිට්ස් දූපතේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2023 නොවැම්බර් මස 25 වන දින දහවල් කාලයේ යාපනය, කයිට්ස් දූපතේ නරන්තනේ ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අලෙවි කිරීම සඳහා ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් තුනකට (03) අධික තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු (02) සහ යතුරු පැදියක් නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, උතුරු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා කංචදේව ආයතනය හා කයිට්ස් පොලිසිය එක්ව, යාපනය කයිට්ස් දූපතේ නරන්තනේ ප්‍රදේශයේ සිදුකල මෙම ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, මාර්ගයේ ගමන් ගත් සැකකටයුතු යතුරු පැදියක් පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී එම යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයන් සන්තකයේ තිබී අලෙවි කිරීම සඳහා ප්‍රවාහනය කරමින් තිබූ පාර්සල් දෙකක (02) අසුරන ලද කේරළ ගංජා කිලෝ 03 යි ග්‍රෑම් 592 පමණ තොගයක් සමඟ එම සැකකරුවන් දෙදෙනා (02) සහ යතුරු පැදිය මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

අත්අඩංගුවට ගත් මෙම කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියනයකට (01) අධික වෙතැයි විශ්වාස කෙරේ.

තවද, කේරළ ගංජා සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 27ක් හා 34 ක් වන මන්නාරම සහ කයිට්ස් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, එම සැකකරුවන් දෙදෙනා (02), කේරළ ගංජා කිලෝ 03 යි ග්‍රෑම් 592 පමණ තොගය සහ යතුරු පැදිය (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා කයිට්ස් පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.