කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු යාපනය වෙත්තලකේනිහිදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2023 නොවැම්බර් මස 27 වන දින සවස් කාලයේ යාපනය, වෙත්තලකේනි වත්තිරායන් ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, ගෙවත්තක වලදමා සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් තිස් හතරකට (34) අධික තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, උතුරු නාවික විධානයේ නාවික ස්ථානගතකිරීම් වෙත්තලකේනි ආයතනය හා මරුදන්කේනි පොලිසිය එක්ව, යාපනය, වෙත්තලකේනි වත්තිරායන් ප්‍රදේශයේ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් සිදුකෙරිණි. එහිදී එම ප්‍රදේශයේ ගෙවත්තක වලදමා තිබු ප්ලාස්ටික් බැරල් තුනක් තුල සූක්ෂම ලෙස සඟවා තිබූ පාර්සල් දහ හතක (17) අසුරන ලද කේරළ ගංජා කිලෝ තිස් හතරයි (34) ග්‍රෑම් හාරසියයක (400) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

අත්අඩංගුවට ගත් මෙම කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන දහතුනකට (13) අධික වෙතැයි විශ්වාස කෙරේ.

තවද, කේරළ ගංජා සමඟ අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 24 ක් වන තලයඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගත් අතර, එම සැකකරු (01) සහ කේරළ ගංජා කිලෝ තිස් හතරයි (34) ග්‍රෑම් හාරසියයක (400) පමණ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මරුදන්කේනි පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.