නීති විරෝධි ලෙස රැගෙන ආ බීඩි කොළ තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය, කීරිමුන්දලම කලපු ප්‍රදේශයේ අද දින (2023 දෙසැම්බර් 03) උදෑසන සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම කලපු ප්‍රදේශයේ සඟවා තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් හාරසිය හැට පහක (465) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් කල්පිටිය, කීරිමුන්දලම කලපු ප්‍රදේශයේ අද දින (2023 දෙසැම්බර් 03) උදෑසන සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම කලපු ප්‍රදේශයේ සඟවා තිබූ සැකකටයුතු උර 08 ක් නිරීක්‍ෂණය කර පරික්‍ෂාවට ලක්කෙරිණි. එහිදී එම උර තුල අසුරන ලද බීඩි කොළ කිලෝ ග්‍රෑම් හාරසිය හැට පහක (465) පමණ තොගයක් (තෙත බර සහිත) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් මෙම බීඩි කොළ කිලෝ ග්‍රෑම් හාරසිය හැට පහක (465) පමණ තොගය (තෙත බර සහිත) ඉදිරි නීතිමය කටයුතු සිදුකරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ඇත.